Righteous Kill
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...
Quisque sed felis
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...
Etiam augue pede, molestie eget.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...
හිතන්න, ඔයාගෙ PC එකේ හරි පෙන් එකේ හරි වයිරස් එකක් තියෙනව කියල,windows explore වලින් ගියොත් වයිරස් එක රන් වෙනවා, ඩොස් වලින් ඒ පාත් එකට ගිහිල්ල වයිරස් එක ඩිලීට් කරන්න පුලුවන්.ඩොස් වලින් ගියාම වයිරස් එක රන් වෙන්නෑ. අපට ඔනේ ෆයිල්ස් ටික ශේප් එකේ කොපි කරගෙන, බැරිම උනොත් ඩොස් වලින්ම ඩිස්ක් එක ෆෝමැට් කරමු.
හැබැයි DOS වලට පොඩ්ඩක් හුරු වෙන්න ඔනේ මම ඒ ගැන ගොඩක් හිතල තමා මේ කතාව ලිව්වේ.
මෙකයි, DOS නැතිනම් ඩිස්ක් ඔපෙරේටින් සිස්ටම් (disk operating system) මයික්‍රොසොෆ්ට් සමාගමේ මුල් කාලයේ (බච්චා කාලේ) මෙහෙයුම් පද්ධතියක් (OS) .පසුව, එනම් වින්ඩෝස් 95 සිට ග්‍රැෆිකල් යුසර් (GUI) ඉන්ටර්ෆේස් මාදිලියේ මෙහෙයුම් පද්ධති ඒමත් සමඟ DOS භාවිතය අභාවයට ගියේ (මැරුණෙ )එහි භාවිතා කිරීමේදී පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වෙන නිසා. නමුත් අදටත් DOS සියලුම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සමඟ අප අතට පත් වනවා.ඒ අපි කවුරුත් හඳුනන( දන්නැතත් අවුලක් නැ ) කමාන්ඩ් ප්‍රොම්ට් ( Command Prompt) ලෙසයි. ( DOS කිව්වට DOS ම නෙමෙයි ). මේක ගේමක් නෑ.ඉගෙන ගත්තොත් ලොකු වැඩ කර හැකි.
Start බටොන් ( click here to begin) එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඇක්සසරීස් වල ක්මන්ඩ් ප්‍රොම්ප්ට් කියන එක ක්ලික් කරන්න. ආවා නෙ ?
හරියන්නැද්ද? මෙහෙම කරන්න..රන් එකට යන්න. cmd කියල ටයිප් කරන්න. එන්ටර් ගහන්න..අවානෙ..?
රන් ස්ටර්ට් ( Start) වල නැද්ද..මෙහෙම කරන්න..කීබෝඩ් එකේ වින් කී එකයි R එකයි එකපාර ඔබන්න.අවානේ ?.
මේ උඩ තියෙන විදියට ආව නේද ? (මගෙ නම එන්නෑ, ඔයාගෙ නම එන්නෙ..)
මුලින්ම ඔයාගේ හර්ඩ් එකේ පාටිශන් ගාන කීයද කියල බලන්න.ඒ පර්ටිශන් වල නම් (පෙන් එකක් නම් පෙන් එකේ අකුර) (C,D,E..etc)මතක තියා ගන්න.(ගාන වැඩී නම් 3ක් විතර ඇති )
මේකයි, ඩ්‍රයිව් එකේ තියෙන ෆයිල් වෙනස් කරන්නත් රීඩ් කරන්නත් ඒ ෆයිල් තියෙන පාත් එකට යන්න ඕනේ.
මේකයි, දැන් ඔයා ඉන්නේ ” C:\Users\Pavithra ” කියන පාත් එකේ.අපි මුලින්ම C: එකට යං. පළවෙනි කමන්ඩ් එක, මෙක ගහල එන්ටර් ගහන්න.
දැන් අපි ඉන්නෙ C: වල. මේ කමාන්ඩ් එක ඕනෙම වෙලාවක රූට් (root (මුල)) එකට යන්න ඕනෙ නම් පාවිච්චි කරන්න පුළුවන්…. ඒ කියන්නෙ ඕනෙම පාත් එකක ඉදල, අපිට ඒ පාත් එකෙ ඩිස්ක් ඩ්‍රයිව් එකෙ ෆොල්ඩර් එකට එන්න පුළුවන්.
හිතන්න ඔයගෙ PC එකේ ඩිස්ක් ඩ්‍රයිව් 2ක් තියෙනව කියල, දැන් අපි ඉන්නෙ C: වල, ඔයාට D: වලට යන්න ඕනේ නම් (පෙන් එකක් නම් පෙන් එකේ අකුර) මෙක ගහල එන්ටර් ගහන්න…..
ඉස්සෙල්ල කිව්ව වගේම ඉස්සරහට එක එක පාත් වල ඉදල අපිට ඕනේ වෙලාවක වෙනත් ඩිස්ක් ඩ්‍රයිව් එකකට, ඒ ඩිස්ක් ඩ්‍රයිව් එකේ අකුර ගහල ගියහැකි.
CD කියල ගහල ස්පේස් එකක් තියල ෆොල්ඩර් එකේ නම ගහන්න.(කොමා දාන්නෑ). මේ ,ෆොල්ඩර් එකට යන්න නම් දැන් ඔයා ඒ ෆොල්ඩරේ තියෙන පාත් එකේ ඉන්න ඔනේ.හරියට ස්පෙලින්ග් ගහන්න. ෆොල්ඩරේ නම අමතක නම් Dir කියල ගහල Enter ගහල හරියටම හොයා ගන්න.
මෙතනින් ඉස්සරහට ටිකක් අප්සට් වෙයිද දන්නෑ, ඒක හින්ද ෆොල්ඩර්ස් අතරේ මාරු වෙවී කලින් කරපු ඇක්ටිවිටීස් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න.. ඔයාට පුළුවන් නම් අවුලක් නැ.
මේ කෝඩ් එක ගහල එන්ටර් ගහන්න.
මේ විදියටම වයිරස් එකේ නමයි.ඒකේ Extension එකත් බලා ගන්න.
හැම ෆයිල් එකකටම extension එකත් තියෙනවා. ෆයිල් එක වර්ඩ් ඩොකියුමන්ට් එකක් ද? එහෙනම් extension එක .docx. මේ වගෙ කොපි කරන්න ඕනෙ ෆයිල් එකේ extension එක හොයාගන්න ඕනේ. කොපි කරද්දි ෆයිල් එකේ නමත් එක්ක extension එකත් ගහන්න. .
මුලින්ම කොපි කරන්න ඔනේ ෆයිල් එක තියෙන පාත් එකට යන්න.
Copy[space] “filename” [space] “destination directory”
COPY කියල ටයිප් කරලා ස්පේස් එකක් තියල කොපි වෙන්න ඔනේ ෆයිල් එකේ නම ගහන්න. නම ගහද්දී ෆයිල් එකෙ එක්ස්ටෙන්ශන් (extension) එකත් ගහන්න, නැත්තම් කොපි වෙන්නෑ. ඊට පස්සේ ස්පේස් එකක් තියලා, ෆයිල් එක කොපි වෙන්න ඔනේ ෆොල්ඩර් එකේ පාත් එක ගහන්න. ( කොමා දන්න එපා OK).
මේ මදි .. කොපි කරීම ගැන තව දැන් ගන්න ඕනෙද?.Multiple file copying, Copy defined files …?
මුලින්ම කට් කරන්න ඔනේ ෆයිල් එක තියෙන පාත් එකට යන්න.
Move[space] “filename” [space] “destination directory”
MOVE කියල ටයිප් කරලා ස්පේස් එකක් තියල කට් වෙන්න ඔනේ ෆයිල් එකේ නම ගහන්න. නම ගහද්දී ෆයිල් එකෙ එක්ස්ටෙන්ශන් (extension) එකත් ගහන්න, නැත්තම් කට් වෙන්නෑ. ඊට පස්සේ ස්පේස් එකක් තියලා, ෆයිල් එක කට් වෙන්න ඔනේ ෆොල්ඩර් එකේ පාත් එක ගහන්න. ( කොමා දන්න එපා
)).
ෆයිල් ඩිලීට් (Delete) කරන හැටි.
මුලින්ම ඩිලීට් කරන්න ඔනේ ෆයිල් එක තියෙන පාත් එකට යන්න.
DEL [space] “the name of the file u wants to delete”
ඔයා Extension දැම්මා නේද?
වයිරස් එක කියන්නෙත් ෆයිල් එකක් නෙ, normally file delete කරන විදියටම වයිරස් එකත් ශේප් එකේ ඩිලීට් කරන්න. වයිරස් එක තියෙන පාත් එකට ගිහිල්ල , DEL [space] ඔයා මතක තියා ගත්ත වයිරස් එකේ නමයි. Extension එකයි ගහල Enter ගහන්න.
මේකේ පොඩි ජිල්මාර්ට් එකක් තියෙනවා. ස්පේස් තියෙන ෆොල්ඩර්ස් වලට කමාන්ඩ් වැඩ නැ.
මුලින්ම ෆොල්ඩර් එක හදන්න ඔනේ පාත් එකට යන්න.
Md [space] “the name of the folder u wants to create”
MD කියල ටයිප් කරලා ස්පේස් එකක් තියල හදන්න ඔනේ ෆොල්ඩර් එකේ නම ගහන්න.
ඔයාලට driver format කරන්න ඔනෙනම් මෙම syntex එක යොදා ගන්න
format “driver letter”:
Shutdown [space] –s
කමාන්ඩ් එක දුන්නහම 1මිනිට් වලින් අනිවා Shutdown වෙනවා. ඒක නැති කරන්න මේ කමාන්ඩ් එක දෙන්න.
Shutdown [space] –a




